Back to Top

94 77 34 9191 6

headerfacebook headerlinkedin headertwitter headergoogleplus

අප මිනිස් කථාන්දරයේ තීරනාත්මක යුගයක අප සක්කිෂිකරුවන් වෙන්නෙමු . විශ්වයේ ඔනෑම පෙදෙසක බිහිවන ජීව ගොනුවක එක් තීරනාත්මකම හැරවුමක් අප අත්දකිමින් සිටින්නෝ වෙමු. තම සමකාලීනයන් වෙතින් ස්වාධීන වෙමින් ඉහලට එසවෙන්නට ප්‍රධාන සාධකය වන ලද ” මතක තබා ගැනීම හා ඒවා නැවත සැකසීමේ හැකියාව” අප සාර්ථකව යාන්ත්‍රීක කර දුර හා කාලය සාධකය ඉක්මවමින් අනෙකා සමග බෙදා හදා ගනිමින් සිටින්නෙමු. අපගේ මේ නව ශක්‍යතාවය සමග සමග ලිය වෙන හෙට දවස පිලිබඳව බොහෝ සුබවාදී බලාපොරොත්තු සමග උදාවන හිරු දිනයක් අපගේ සැමදා බලාපොරොත්තුව වේ.

Pubudu Siriwansa
#siriwansa

තොරතුරු යුගය ජීවිත මත සටහන් වන්නේ වඩාත් අභියෝගාත්මකවය. පුද්ගල අර්ථවල සිට රටවල් අර්ථ දක්වා නෙක ව්‍යුහයන් එය දරුනු විමසීමකට ලක් කොට ඇත. නව අර්ථවලට කැඳවා ගෙන ගොස් ඇත. යාන්ත්‍රිකකරනය මෙන්ම සබඳතාකරනය එහි කැපී පෙනෙන ලක්ෂන දෙකකි. මේ නව ප්‍රවනතා මූලික වන ආර්ථික දේශපාලණික මෙන්ම සංස්කෘතික අර්ථ ඉල්ලා සිටිම හාත්පසම දක්නට ඇත .Pariganakaya.Com වැඩ සටහන නිර්මාණය වන්නේ මේ බවද පසුබිම් කරගෙනය. එම වැඩ සටහන වඩාත් වැදගත් වන්නේද ඒ නිසා වනු ඇත.

Pubudu Siriwansa
#siriwansa

අන්තර්ජාලය මූලික මාධ්‍ය යුගය වඩාත් තිරනාත්මකය. සාම්ප්‍රධායික අත්දැකීම වන එක් දිසාවකට මූලිකව චලනය වන හා සීමිත ප්‍රභූ අනන්‍යතාවයක සිට විශාල බහුතරයක් දෙසට තොරතුරු චලනය වීම වෙනුවට සියල්ලන්ම අසා සිටින්නට වන මෙන්ම සියල්ලන්ටම දෑ කියන්නට සම අයිතිය ලැබෙන යුගයක අත්දැකිම අප පසුකරමින් සිටින්නෙමු. මෙය සාම්ප්‍රධායිකව සැලකීමේදී වඩාත් දියුනු සමාජ භාවිතාවකි.

Pubudu Siriwansa
#siriwansa

ආශ්‍රම කඳු මුදුනත මතින් දිවෙන පාමාවත් දිගේ වන දිගු පාසක්මන භාවනාවකි. විටක විය හැකි ලෙස සැලකීමේදී අසීරුවෙන් කරන අඟපසඟ පිහි‍ටුවාගෙන තැන්පත් මනසක් සෙවීමට වඩා එය මහත් අවබෝදාත්මකය. ජීවිතය විනිවිඳ දකින්නට මහත් සහයක් ගෙනෙන සුළුය. බොහෝ විට හමුවන ආගමික ස්වරූපය වන විස්වාස පද්ධතියක් මෙන්ම පුරුඳු රටාවන් ඉක්මවමින් සැබෑව විනිවිඳ යන්නට මේ අභ්‍යාසය මහත් සේ සහය වේ. සංස්කෘතික සංස්කරනයෙන් තොර ස්වාභාවික ලෝකය මා කවුදැයි මහත් අපූරුවට පැහැදිලි කර දෙයි.

Pubudu Siriwansa
#siriwansa

“Siriwansa is the founder of www.Avissawella.com , www.pariganakaya.com , www.TharuMinisa.Com , www.SaruMaga.Com and works with happy companies to execute thoughtful brand strategy and friendly design across various platforms. He is a Website designer, developer, Writer and tutor in Avissawella, Sri Lanka.”